අමර නිකැළැල් නුඹේ සිත,
මඟුලැතු දනින් නොවැටෙත,
සඳවත වෙසෙන අසපුව ,
දැහැනින් බිඳෙනු නොදෙනුව,
දෙපයේ නොලා නූපුර,
මේ පෑල දොර අස ,
රැදී හඟවමි අනතුර ,
පන් හිඳ තරව ගෙන,
තව තව ලියන් එනමුදු,
දුක් විඳ ලියන පුස්කොල,
කළු මැද දැන්ම නොගනුව ,
දුබික් නෙක රෝ බියට,
අඩ දැනි නොවන බිජුවට ,
තව තව සොයන් එනමුදු,
නොහෙකි නමුදු වපුරන,
නිලුපුල් මවන බිජුවට,
ගිනි කඳු නිසා මල ගිය ,
ඇහැ දුටු රුදුරු සිහිනය,
යලි යලි දකිනු කීම නුඹ ......
රණ ගී දෙතොල පොපියන,
තර කොට වසනු හිත් ලෙන,
රජ ගෙයි මගුල් බෙර හඬ,
අසිරි නොවෙයි අප හට,
ගිනි කඳු පුපුරවා ගිය කල,
හෙට ලොව මදක් යෙහෙකිය,
වප් මගුල දවසට බිජුවට මැනව වපුරත,
නුඹ එහි හිදිය යුතු වෙයි,
බලයුත් මේ සෙත් කවි ගෙන ,
නික්මෙව මෙපුර තනනට,
හෙට ඉර නැගෙනු පළමුව ..................


2 comments:
well done chamith ayyaa......best of luck...
Keep it up chamith aiye...u know tha path.go ahead...
Post a Comment