(අ)මුතු ඇටේ






මාතර නගරයේ අත් අල්ලාගෙන ("අශෝබන ලෙස!") හැසිරුණු ජෝඩු 22ක් අධිකරණයට ඉදිරිපත් කෙරේ. කුරුණෑගල නගරයේ, අත් අල්ලාගෙන සහ පාක් වල "අශෝබන ලෙස" පෙම් කළ 350ක් පොලිස් අත් අඩංගුවට!
-පුවතක්

පුස්සන් සුදුස්සන් වෙන මේ පුදුම රටේ 
නිස්සන් ගිහිං පුස්සන් ළඟ දණින් වැටේ 
පිස්සන් නීති පනවන හරි අමුතු ඇටේ 
කොස්සන් බැටන් පොලු අරගෙන ජෝඩු වටේ! 


"අපෙ රට අපේ ජාතිය බොල අපේ ගම 
අපෙ හිරි ඔතප් සහ අපෙ ජාතික කුසුම 
තොපේ වැරැද්දයි එවුවා බිඳ දැමුම 
අපේ යුතුකමයි තොපි ඇතුළට ගැනුම!" 


සම්මා පියා මුදුනේ සිට වැඩ බලතී 
හම්මා! සනුහරේ දුව දුව පිං කොරතී 
පෙම්මා කරන දුදනෝ නිරයේ පැසෙතී 
උම්මා දෙන එවුං හොය හොය "වෙඩි" තියතී 


ෂටරය වසා පෙම් කෙළි දියවන්නාවේ 
සැප රිය වලට නඩු නැති හැටි ඇන්නෑවේ 
මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ 
පටලය බලාගෙන! කල්චර් කන්යාවේ 


නැත්තන් ලගින පොඩි කාමර වලට පනී 
ඇත්තන් පෙරති සැප හෝටල් ඇතුළෙ පැණී 
"අහවල් වැඩෙත්" උන්ටම පරවේණි වුණී 
දුප්පත් කමත් කුට්ටම කැපු ගොනා වැනී











3 comments:

Anonymous said...

excellent bro!!!!!!!!! keep it up!!!!

Anonymous said...

විඩාබර හදවතට
සිසිල් පෑන් පොදක් මෙන්
හදවතේ පතුලටම
කිමිදුනා නුබේ
පද වැල්………..
කැමති විදගන්න
මෙවෑනි සොදුරු කවිකම්….

Anonymous said...

හිගන පොලීසිය.. කොහොමත් ලිoගික කුහකකම කියන එක උපරිමෙන්ම තියෙන ජරා රටක් මේක. තව කෙනෙක් සතුටින් ඉන්නව දකින්න අකමැති.

Post a Comment