දුෂණය වන්නියකගේ සිතුවිලි .......



                    


හිතක් පපුවක් නැති හුළගට 
රෙදිත් අදින්න  පුළුවනි 
අතක් බිඳ පාන්කඩ ඔබ ඔබ 
හිසත් සිඹින්න පුළුවනි 
ඇසක් යට  පැන් ඉහිරන 
විරිත් තියෙන්න පුළුවනි 
කෙනෙක්  නැතියෙන් තෙතක් උහුලන 
තිතත් තියන්න පුළුවනි. 

විළිලාපු කඳුළු ගබ්සා වෙද්දී 
ස්වරාලය හුස්ම හිර කරනවා 
නිය පහුරු යට ඇඳුම උදුරද්දී 
මල් වතුර නාපු හැටි පේනවා 
පොඩි උන්ට ලේ පොවන තන මඩල 
දත් පාර වැදී වැදී අඬනවා
උඹේ තද ලේ නහර නලියද්දි 
ප්‍රාණ සම ලේ බිඳුව යදිනවා.....

කරුවලෙත් එළිය මුණ ගැහෙනකොට 
තරුවලත් වේදනා 
දරුණු ඇස් රාගයෙන්  පිරෙනකොට 
කරුවලයි තාරකා .....

1 comments:

----------------- said...

කැමැත්ත ඇති තැන එකකි
කැමැත්ත නැති තැන එකකි
වචනෙක හැගීමක වෙනසකි
අවසානය එකම ප්‍රතිපලයකි

Post a Comment