දකුණේ නෑදෑයින් වෙත......

 බාරවුණු දෙමළ සෙනගට
රහට බත පිස පිස
පාර්සල් බඳිනට
වෙහෙස වෙන මගෙ නෑයිනි
දෙන්න ඔය අත් සිපගන්න.

කිරිබත් හොඳයි උදයට
ලූනු මිරිස් හා බුදිනට
කෙසෙල් කොළයක එතු විට
සුවඳත් හමයි පදමට.

බල මාළු ඇඹුල් තියලට
පොළොස් මාළුව ආ විට
මොන අඩු වැඩිද දවලට
සිංහල හාලෙ බතකට.

ලේ ගලන දෙතොළත
දැවිල්ල නිවාගන්නට
වෙන අතුරුපස කුමටද
රුහුණු මීකිරි ඇති විට.

නිමාවක් නැති රෑ කල
උදා වූ බව නොහැගෙන
රෑට - අඳුරෙම ගිලිනට
කුරහන් තලප කදිමය.







1 comments:

Thilak Ranjan Amiyangoda said...

නිල නොවන ඝණ අඳුරට
වසී ඇති තල් වියන යට සිට
දමිල අවුරුදු ගී ගයන්නට
වෙර දරණ ආණ්ඩුවේ රූප පෙට්ටියට
කියන්නට බෑ ලෝකෙට
අපි උන්ට සලකන බව හොඳට

Post a Comment