සෙංකඩගලදි  වෙයි චුට්ටක් ඇඹරෙන්ඩ
රේස් පැදපු බේබිත් අරගෙන එන්ඩ
සුදු මල් වට්ටි දී කල පව් හේදෙන්ඩ
කෝලං නොකර කැමරාවට හිනැහෙන්ඩ

පය රිදෙනා නමුත් සොමි ගමනකි ඔන්න
මයිලක් දෙකක්වත් පාගමනින් එන්ඩ
සිසිතව මැරූ තැන මල් වෙඩි දල්වන්ඩ
තිබහක් එතොත් රතුපස්වල නවතින්ඩ

කුරහන් සුවඳ සාටකයයි පච මෝලයි
බොරළුගොඩදී බලු උන සිංහයො රෑනයි
කාලය පැනපු වට්ටක්කයි , රත්තරනුයි
පුළු පුළුවන් එවුන් හෙළුවෙන් රජු ගාවයි

කාලේ ඉතින් ඉවරයි අපි දුක් වින්ද
හොරකම බලුකමට ආයිත් සෙට් වෙන්ඩ
මැදමුලනේ කකුල් ළං වී  ලෙවකන්ඩ
මහත්වරුනි දළදා වැඳගෙන එන්ඩ

0 comments:

Post a Comment